Top Story
අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ එම කොට්ඨාශය වෙත දැනුම් දී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ, සෞඛ්‍ය හේතුන් මත මෙලෙස පැමිණීමට නොහැකි බව මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ලිපියක් මගින් දැනුම් දී ඇති බවයි.නිවසේ සිට ප්‍රතිකාර ලබා ගන්නා ලෙස වෛද්‍යවරුන් තමන්ට උපදෙස් ලබා දී ඇති බැවින් අදාළ ප්‍රකාශය නිවසට පැමිණ ලබා ගන්නා ලෙසට ද එමගින් දැනුම් දී ඇති බව සඳහන්.හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිදු කළ පෞද්ගලික සංචාරයක් සදහා රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.
තවදුරටත් කියවන්න
General20 February 2026 7:05 AM
CIDයට අද නොඑන බව හිටපු ජනපති රනිල්ගේ බිරිඳ මෛත්‍රී දන්වයි


International News

අමෙරිකාව සහ ජපානය අතර නව ගෑස් ව්‍යාපෘතියක්

International 20 February 2026
අමෙරිකාව සහ ජපානය අතර නව ගෑස් ව්‍යාපෘතියක්

අත්අඩංගුවට ගත් චාල්ස් රජුගේ සොයුරු ඇන්ඩෘෘ නිදහස් කරයි

International 20 February 2026
අත්අඩංගුවට ගත් චාල්ස් රජුගේ සොයුරු ඇන්ඩෘෘ නිදහස් කරයි

පාකිස්ථානයේ ගොඩනැගිල්ලක් කඩා වැටී 16ක් මරුට

International 20 February 2026
පාකිස්ථානයේ ගොඩනැගිල්ලක් කඩා වැටී 16ක් මරුට

ප්‍රසිද්ධ නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වෙයි

International 20 February 2026
ප්‍රසිද්ධ නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වෙයි

එකඟ නොවූවොත් නරක දේවල් සිදුවේවි: ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

International 20 February 2026
එකඟ නොවූවොත් නරක දේවල් සිදුවේවි: ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

ප්‍රංශයෙන් මෝදිට ආරාධනයක්

International 19 February 2026
ප්‍රංශයෙන් මෝදිට ආරාධනයක්

චාල්ස් රජුගේ සොහොයුරු ඇන්ඩෘ අත්අඩංගුවට

International 19 February 2026
චාල්ස් රජුගේ සොහොයුරු ඇන්ඩෘ අත්අඩංගුවට

"අපි එහෙම කළේ නැහැ" - සකර්බර්ග් චෝදනා ප්‍රතික්ෂේප කරයි

International 19 February 2026
"අපි එහෙම කළේ නැහැ" - සකර්බර්ග් චෝදනා ප්‍රතික්ෂේප කරයි

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට වරදකරු බව අධිකරණය තීන්දු කරයි

International 19 February 2026
දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට වරදකරු බව අධිකරණය තීන්දු කරයි

ඉරානයට පහරදීමට ඇමරිකාව සහ ඊශ්‍රායලය සූදානමින්

International 19 February 2026
ඉරානයට පහරදීමට ඇමරිකාව සහ ඊශ්‍රායලය සූදානමින්

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන්ගේ නඩු තීන්දුව අදයි

International 19 February 2026
දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන්ගේ නඩු තීන්දුව අදයි

කැලිෆෝනියාවේ හිම කන්දක් කඩා වැටීමෙන් අට දෙනෙකු ජීවිතක්ෂයට

International 19 February 2026
කැලිෆෝනියාවේ හිම කන්දක් කඩා වැටීමෙන් අට දෙනෙකු ජීවිතක්ෂයට

ඉම්රාන් ඛාන් දැක ක්‍රිකට් තරු කම්පා වෙති

International 19 February 2026
ඉම්රාන් ඛාන් දැක ක්‍රිකට් තරු කම්පා වෙති

තායිවානයෙන් චීනයට දොස්

International 17 February 2026
තායිවානයෙන් චීනයට දොස්

ප්‍රංශ ජනපති ඉන්දියාවට

International 17 February 2026
ප්‍රංශ ජනපති ඉන්දියාවට
More News
General20 February 2026

ප්‍රා.ලේ කොට්ඨාස කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් වෙත නායයෑම් පිළිබද පෙර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අදියර දෙක යටතේ සහ මතුරට හා හගුරන්කෙත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අදියර එක යටතේ නායයෑම් පිළිබද පෙර අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණා. බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල, කන්දෙකැටිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අදියර එක යටතේ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේශන ආයතනය නිවේදනය කළේ.

තවදුරටත් කියවන්න
ප්‍රා.ලේ කොට්ඨාස කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්
General20 February 2026

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මිලදීගත් නිවසක් සහ ඉඩමක් ක්‍රියා විරහිත කෙරේ

වලස්මුල්ල - කඩිගමුව ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් තෙමහල් නිවසක් සහ පර්චස් 14ක ඉඩමක් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ක්‍රියා විරහිත කර තිබෙනවා. මෙය වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සහ කොල්ලකෑම්වලින් උපයාගත් මුදල්වලින් කාන්තාවකගේ නමින් මිලදී ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අධිකරණය විසින් සතියක කාලයක් සදහා ක්‍රියා විරහිත කිරීමේ නියෝගය නිකුත් කර ඇති අතර, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

තවදුරටත් කියවන්න
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මිලදීගත් නිවසක් සහ ඉඩමක් ක්‍රියා විරහිත කෙරේ
General20 February 2026

ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් ඉඩම් අමාත්‍යාංශ ලේකම්ට ලිපියක්

ඉඩම් රාජකාරී කිරීමේදී සිදු වන දේශපාලන මැදිහත්වීම් වළක්වන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයා විසින් අවස්ථා කිහිපයකදීම ඉඩම් රාජකාරීවලදී ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත විවිධ බලපෑම් එල්ල කරමින් ලිපි ඉදිරිපත් කරන බවට වාර්තා වී ඇති බවයි අදාළ ලිපියේ දැක්වෙන්නේ.

තවදුරටත් කියවන්න
ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් ඉඩම් අමාත්‍යාංශ ලේකම්ට ලිපියක්
General20 February 2026

මහ සඟ සමුළුව අද කොළඹදී

සම්බුද්ධ ශාසනයට, මහා සංඝරත්නයට සහ බෞද්ධ සංස්කෘතියට එල්ල වන විවිධ තර්ජන පරාජය කිරීමේ අරමුණින් සංවිධාන කරන මහ සඟ සමුළුව කොළඹ 07 බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී අද (20) පස්වරුවේ පැවැත්වෙනවා.මේ අතර, අද පැවැත්වීමට නියමිත මහ සංඝ සමුළුව ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය හරහා ඇතැමුන් අසත්‍ය කරුණු ප්‍රචාරය කරමින් සිටින බවයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේ. කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් උන්වහන්සේ සඳහන් කළේ තමන් වහන්සේද අද පැවැත්වෙන සඟ සමුළුවට සහභාගි වන බවයි.එමෙන්ම, පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් පසු දෙමළ - ඊළාම් බෙදුම්වාදීන්ගේ මාර්ග සිතියම අභියස ආණ්ඩුව සහ මහජනතාව මුහුණ දෙන අභියෝග පිළිබඳ මහජන සංදේශයක් අත්සන් කිරිම පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙනේදී ඊයේ සිදු කෙරුණා.

තවදුරටත් කියවන්න
මහ සඟ සමුළුව අද කොළඹදී
General20 February 2026

ප්‍රදේශ රැසකට අදත් වැසි

උතුරු, උතුරු - මැද, නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වල අද (20) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.නැගෙනහිර පළාතෙත් මාතලේ, බදුල්ල මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වෙනවා.සෙසු ප්‍රදේශ වල ප.ව. 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.එම දෙපාර්තම්න්තුව සඳහන් කරන්නේ, රත්නපුර, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.එසේම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

තවදුරටත් කියවන්න
ප්‍රදේශ රැසකට අදත් වැසි
International News

අමෙරිකාව සහ ජපානය අතර නව ගෑස් ව්‍යාපෘතියක්

International 20 February 2026
අමෙරිකාව සහ ජපානය අතර නව ගෑස් ව්‍යාපෘතියක්

අත්අඩංගුවට ගත් චාල්ස් රජුගේ සොයුරු ඇන්ඩෘෘ නිදහස් කරයි

International 20 February 2026
අත්අඩංගුවට ගත් චාල්ස් රජුගේ සොයුරු ඇන්ඩෘෘ නිදහස් කරයි

පාකිස්ථානයේ ගොඩනැගිල්ලක් කඩා වැටී 16ක් මරුට

International 20 February 2026
පාකිස්ථානයේ ගොඩනැගිල්ලක් කඩා වැටී 16ක් මරුට

ප්‍රසිද්ධ නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වෙයි

International 20 February 2026
ප්‍රසිද්ධ නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වෙයි

එකඟ නොවූවොත් නරක දේවල් සිදුවේවි: ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

International 20 February 2026
එකඟ නොවූවොත් නරක දේවල් සිදුවේවි: ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

ප්‍රංශයෙන් මෝදිට ආරාධනයක්

International 19 February 2026
ප්‍රංශයෙන් මෝදිට ආරාධනයක්

චාල්ස් රජුගේ සොහොයුරු ඇන්ඩෘ අත්අඩංගුවට

International 19 February 2026
චාල්ස් රජුගේ සොහොයුරු ඇන්ඩෘ අත්අඩංගුවට

"අපි එහෙම කළේ නැහැ" - සකර්බර්ග් චෝදනා ප්‍රතික්ෂේප කරයි

International 19 February 2026
"අපි එහෙම කළේ නැහැ" - සකර්බර්ග් චෝදනා ප්‍රතික්ෂේප කරයි

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට වරදකරු බව අධිකරණය තීන්දු කරයි

International 19 February 2026
දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට වරදකරු බව අධිකරණය තීන්දු කරයි

ඉරානයට පහරදීමට ඇමරිකාව සහ ඊශ්‍රායලය සූදානමින්

International 19 February 2026
ඉරානයට පහරදීමට ඇමරිකාව සහ ඊශ්‍රායලය සූදානමින්

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන්ගේ නඩු තීන්දුව අදයි

International 19 February 2026
දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන්ගේ නඩු තීන්දුව අදයි

කැලිෆෝනියාවේ හිම කන්දක් කඩා වැටීමෙන් අට දෙනෙකු ජීවිතක්ෂයට

International 19 February 2026
කැලිෆෝනියාවේ හිම කන්දක් කඩා වැටීමෙන් අට දෙනෙකු ජීවිතක්ෂයට

ඉම්රාන් ඛාන් දැක ක්‍රිකට් තරු කම්පා වෙති

International 19 February 2026
ඉම්රාන් ඛාන් දැක ක්‍රිකට් තරු කම්පා වෙති

තායිවානයෙන් චීනයට දොස්

International 17 February 2026
තායිවානයෙන් චීනයට දොස්

ප්‍රංශ ජනපති ඉන්දියාවට

International 17 February 2026
ප්‍රංශ ජනපති ඉන්දියාවට
Sports Stories
Explore More
ලසිත් මාලිංගගේ වේග පන්දු උපදේශක ධුර කාලය දීර්ඝ කෙරේ

ලසිත් මාලිංගගේ වේග පන්දු උපදේශක ධුර කාලය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණු උපදේශක ලෙස පත්කළ ලසිත් මාලිංගගේ සේවා කාලය පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය අවසන් වනතෙක් දීර්ඝ කර තිබෙනවා. ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකා කණ්ඩායම සමග කටයුතු කිරීමට ලසිත් මාලිංග සමග පවතින එකඟතාවය ඊයේ පැවති සිම්බාබ්වේ තරගයෙන් පසුව අවසන් වීමටයි නියමිතව තිබුණේ. කෙසේ වෙතත්, නැවතත් ලසිත් මාලිංගගේ උපදේශක සේවා කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇති අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් හොඳින් සූදානම් කිරීම මෙමගින් බලාපොරොත්තු වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තීරණය කළේ.

තවදුරටත් කියවන්න
කැනඩාව පරදා ඇෆ්ගනිස්ථානයට ජය

කැනඩාව පරදා ඇෆ්ගනිස්ථානයට ජය

2026 පන්දුවාර 20 ලෝක කුසලානයේ අද (19) පැවති ඇෆ්ගන් - කැනඩා කණ්ඩායම් අතර තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන පිල සමත් වුණා.ඒ කැනඩාව ලකුණු 82කින් පරාජය කරමින්.එහිදී ලකුණු 201ක පිළිතුරු ඉලක්කයක් හඹා ගිය කැනඩා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 118ක් පමණයි.හර්ෂ් තාකර් ලකුණු 30ක්ද, සාද් බින් සෆර් ලකුණු 28ක්ද කැනඩාව වෙනුවෙන් ‍රැස් කළා.පන්දු යැවීමේදී මොහොමඩ් නබි කඩුළු 04ක්ද, රෂීඩ් ඛාන් කඩුළු 02ක්ද, අස්මතුල්ලා ඔමාර්සායි, මුජීබ් උර් රහ්මාන් එක් කඩුල්ල බැගින්ද දවාගත්තා.අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 200ක් රැස් කළා.ඒ අනුව, ඉබ්‍රහිම් සද්‍රාන් නොදැවී ලකුණු 95*ක්ද, සෙඩිකුල්ලා අටල් ලකුණු 44ක්ද, රහ්මානුල්ලා ගුර්බාස් ලකුණු 30ක්ද රැස් කළා.පන්දු යැවීමේදී කැනඩාව වෙනුවෙන් ජස්කරන් සිං කඩුළු 03ක්ද, ඩිලන් හෙයිලිගර් එක් කඩුල්ලක්ද දවාගත්තා.

තවදුරටත් කියවන්න
සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාව පරදී

සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාව පරදී

2026 පන්දුවාර 20 ලෝක කුසලානයේ අද (19) පැවැත්වුණු ශ්‍රී ලංකා - සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරගය ජය ගැනීමට සිම්බාබ්වේ සමත් වුණා.ඒ කඩුළු 6කින්.එහිදී ලකුණු 179ක ඉලක්කයක් හඹා ගිය ඔවුන් පන්දුවාර 19.3ක් අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 182ක් රැස් කළා.බ්‍රයන් බෙනට් නොදැවී ලකුණු 63*ක්ද, නායක සිකන්දර් රාසා ලකුණු 45ක්ද, තඩිවනාෂේ මරුමානි ලකුණු 34ක්ද රැස් කළා.පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දසුන් ශානක එක් කඩුල්ලක්ද, දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ලක්ද, දුෂාන් හේමන්ත කඩුළු 02ක්ද බිඳ හෙළුවා.අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, එහිදී නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 178ක් රැස් කළා.ඒ අනුව, පැතුම් නිස්සංක ලකුණු 62ක්ද, කුසල් පෙරේරා ලකුණු 22ක්ද, පවන් රත්නායක ලකුණු 44ක්ද ලබා ගත්තා.පන්දු යැවීමේදී, බ්ලෙසින් මුසරබානි, ග්‍රේම් ක්‍රීමර්, බ්‍රැඩ් එවන්ස් කඩුළු 02 බැගින්ද, රයන් බර්ල් එක් කඩුල්ලක්ද දවාගත්තා.

තවදුරටත් කියවන්න
Business Stories
Explore More
අසමසම ඉන්ධන කාර්යක්ෂමතාවක් සමඟින් TVS Sport 110 ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙයි

අසමසම ඉන්ධන කාර්යක්ෂමතාවක් සමඟින් TVS Sport 110 ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම යතුරු පැදි බෙදා හරින් නකු වන TVS Lanka පුද්. සමාගම සිය නවතම TVS Sport 110 යතුරු පැදිය පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොට හඳුන්වා දෙන ලදී. ඒ සමඟින් අසමසම ඉන්ධන කාර්යක්ෂමතාවක් සහිත විශ්වසනීය නව යුගයක් ශ්‍රී ලාංකිකයින් වෙත උරුම කර දීමට TVS ලංකා හට හැකි වනු ඇත.ජාත්‍යන්තරව පිළිගත් මෙම නවතම TVS Sport 110 යතුරු පැදි මාදිලියේ විශේෂත්වය වන්නේ එහි ඇති විශිෂ්ඨ ඉන්ධන කාර්යක්ෂමතාවයයි. යතුරු පැදි සඳහා උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති මෙම නවතම යතුරු පැදිය ආකර්ෂණීය නිමාවකින් මෙන්ම ඉහළ කාර්ය සාධනයකින් යුත් නිෂ්පාදනයකි. මෙය ගමනාගමනයේ නව මානයක් සනිටුහන් කිරීමට සමත් වනු නිසැකය.මනා ඉන්ධන පිරිමැස්මක් සහිත 110cc Duralife එන්ජිමකින් සමන්විත TVS Sport 110 යතුරු පැදිය 100cc කාණ්ඩයේ TVS මෝටර්ස් පේටන්ට් බලපත්‍ර හිමි ET-Fi (Eco-Thrust Fuel Injection) තාක්ෂණයෙන් නිෂ්පාදනය කර ඇත. 15%ක වර්ධනයක් සහිත ඉන්ධන කාර්යක්ෂමතාව නිසාම ඉන්ධන ලීටරයකට කිලෝමීටර 80ක දුරක් ධාවනය කළ හැකි TVS Sport 110, 'Milage King' ලෙසද හඳුන්වනු ලබයි.එසේම side stand indicator, Engine cut off in side stand condition වැනි නවතම අංගයන්ගෙන් Sport 110 සමන්විත වන අතර පහසුවෙන් තිරිංග යෙදීමේ හැකියාව උදා කර දීම සඳහා වන 'synchronised braking technology (SBT) තාක්ෂණයෙන්ද මෙය සමන්විත වේ. පසුපස ඇති හයිඩ්‍රොලික් ෂොක් ඇබ්සෝබරය (shock absorber) වැඩි බරක් ගෙන යාමේ පහසුව වෙනුවෙන් නිර්මාණය කර ඇති අතර මෙහි ඇති දිගු ආසනයද TVS Sport 110 හි තවත් විශේෂත්වයන් ලෙස පෙන්වා දිය හැකිය.මෙම නවතම හඳුන්වාදීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ TVS Lanka පුද්. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනි මහතා කියා සිටියේ '' ශ්‍රී ලංකාවේ යතුරු පැදි පාරිභෝගිකයින් යතුරු පැදියක් තුලින් විශේෂයෙන් බලාපොරොත්තු වන කරුණු 2ක් තිබෙනවා. ඒ කල් පැවැත්ම සහ ඉන්ධන කාර්යක්ෂමතාවයයි. නවතම TVS Sport 110 යතුරු පැදිය ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොලට හඳුන්වා දෙමින් ඔවුන්ගේ එම අවශ්‍යතාව සපුරාලීමට අපි සමත්ව සිටිනවා. මෙය හුදෙක් යතුරු පැදියකට එහා යමින් වෙහෙස මහන්සි වී වැඩ කරන වෘත්තිකයන්ට මෙන්ම යතුරු පැදියක ගුණාත්මකභාවය හා ආකර්ෂණීය බව පිළිබඳ දෙවරක් නොසිතා මනා ඉන්ධන පිරිමැස්මක් සමඟින් දෛනික ගමන් බිමන්වල යෙදීමට කදිම විසඳුමක් ලෙසත් සඳහන් කළ හැකියි'' යනුවෙනි.ආකර්ෂණීය පෙනුමකින් යුතුව හඳුන්වා දී ඇති නවතම TVS Sport 110 යතුරු පැදිය නවතම 3D chrome logos සහ ආකර්ණීය Sporty Head Lamp එකකින්ද සමන්විත වේ. මෙය ශ්‍රී ලාංකේය මාර්ග තත්වයන්ට ගැලපෙන පරිදි පොලොව මට්ටමේ සිට 175mm ක ඉහල උසකින් ද යුක්ත වේ. තවද ET Fi එන්ජිම සමඟින් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් 100cc කාණ්ඩයේ ප්‍රථම යතුරු පැදිය ලෙසද මෙය සඳහන් කළ හැකිය.TVS Lanka හි අලෙවියෙන් පසු සේවා සහකාර සාමාන්‍යාධිකාරි ඉන්දික පුෂ්ප කුමාර මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් හට සුවිශේෂී යතුරු පැදියක හිමිකම ලබා දීමට අමතරව වෙළෙඳ පොලේ අවම වියදමක් සහිත යතුරු පැදියක් හිමිකර දීමට අපි කැපවී කටයුතු කරනවා. මේ වන විට රට පුරා අමතර කොටස් බෙදා හැරීම සඳහා විශේෂිත මධ්‍යස්ථාන 400 කට වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති අප නියම TVS අමතර කොටස් සඳහා අඩුම මිලක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ තුලින් අපගේ පාරිභෝගිකයින් හට සුවිසල් පහසුවක් සමඟින් විශාල මූල්‍යමය ඉතිරියක් ලබා ගනිමින් තමන්ගේ එදිනෙදා ගමනාගමන කටයුතු සපුරා ගැනීමේ හැකියාව උදාවනවා." යනුවෙනි.මෙම නවතම දියත් කිරීමත් සමඟ TVS Sport 110 යතුරු පැදිය දිවයින පුරා විහිදී ඇති TVS Lanka හි 235 කට අධික අලෙවි ජාලය තුලින් Black Neon සහ Grey Red යන වර්ණයන්ගෙන් මිලදී ගැනීමේ අවස්ථාව දැන් පාරිභෝගිකයින් වෙත උදා වී ඇත.එසේම මේ සඳහා වසර 5ක හෝ කි.මී. 76,000ක වගකීම් කාලයක් ලබා දෙනු ලබයි. තවද අලෙවියන් පසු සේවාව වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරන TVS Lanka හි සේවා කණ්ඩායම සිය පාරිභෝගික අවශ්‍යතාවන්හිදී කඩිනම් සේවාවක් ලබා දීමට කැපවී සිටියි. මේ සියලු දේ සමඟින් මෙරට යතුරු පැදි කර්මාන්තයේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමේ විශිෂ්ටත්වය අඛණ්ඩව පවත්වා ගෙන යාමටද TVS Lanka සමත්ව ඇත.වැඩිදුර තොරතුරු දැන ගැනීමට ළඟම ඇති TVS ප්‍රදර්ශනාගාරයට හෝ www.tvslanka.lk වෙතපිවිසෙන්න. නැත්නම් 0114 600 500 අංකය අමතන්න.

තවදුරටත් කියවන්න
විදේශ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් මහ බැංකුවෙන් නිවේදනයක්

විදේශ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් මහ බැංකුවෙන් නිවේදනයක්

මහ බැංකුව විසින් විශේෂ අවසරයක් ලබාදී ඇති අවස්ථාවක හැර මෙරට නේවාසිකයන් අතර සිදුවන ගනුදෙනු ශ්‍රී ලංකා රුපියල්වලින් පමණක් සිදුකළ යුතු බව මහ බැංකුව අවධාරණය කරනවා. ශ්‍රී ලාංකිකයින් මෙරටදී සිදුකරනු ලබන ගනුදෙනුවලදී රුපියල් වෙනුවට විදේශ මුදල් භාවිත කරන බවට ලැබුණු තොරතුරු මත මේ පිළිබඳ අවධානය යොමුකර ඇති බවයි මහ බැංකුව නිවේදනය කළේ. එමෙන්ම, ශ්‍රී ලංකා මුදල් විදේශ මුදල් බවට පරිවර්තනය කරමින් විද්‍යූත් කාඩ්පත් මගින් සිදුකරන ගෙවීම් ද ඇතුළුව දේශීය ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන ගෙවීම් විදේශ ගිණුමකට බැරකරවා ගැනීම හරහා කිසිදු අවසරයක් ලබාදී නොමැති බවට ද මහ බැංකුව මෙහිදී පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත්, මෙවැනි ආකාරයේ වරදක් සිදුකරනු ලබන ඕනෑම තැනැත්තෙකුට මිලියන 25 කට නොවැඩි දඩයක් වසර තුනකට නොවැඩි බරපතල හෝ ලිහිල් සිර දඬුවමක් හෝ ඉහත කී දඬුවම් දෙකම නීතිමය කටයුතුවලින් අනතුරුව ලබාදිය හැකි බව ද මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කළා.

තවදුරටත් කියවන්න
Entertainment Stories
Explore More
YouTubeහි ප්‍රමුඛ පෙළේ AI නාලිකා 16ක් ඉවත් කෙරේ

YouTubeහි ප්‍රමුඛ පෙළේ AI නාලිකා 16ක් ඉවත් කෙරේ

කෘත්‍රිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද වීඩියෝ උඩුගත කරන ලද ඉතා ජනප්‍රිය යූටියුබ් නාලිකා කිහිපයක් ඉවත් කිරීමට යූටියුබ් ආයතනය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.වැඩි නැරඹුම් වාර සංඛ්‍යාවක් ලබා ගැනීම සඳහා පරිගණක මගින් ජනනය කරන ලද, ගුණාත්මකභාවයෙන් අඩු සහ එකම දේ නැවත නැවතත් පෙන්වන වීඩියෝ මෙම නාලිකා මගින් උඩුගත කර ඇති බව සඳහන්.මෙම නාලිකා ඉවත් කිරීම 2025 නොවැම්බර් මාසයේදී ආරම්භ වී ඇති අතර, මේ දක්වා ජනප්‍රිය AI නාලිකා 100න් 16ක් ඉලක්ක කර ගනිමින් මෙම පියවර ගෙන තිබෙනවා.ඉවත් කරන ලද මෙම නාලිකාවලට මිලියන සංඛ්‍යාත ග්‍රාහකයින් (Subscribers) සහ බිලියන සංඛ්‍යාත නැරඹුම් වාර (Views) හිමිව තිබුණා.එසේම ඉවත් කරන ලද නාලිකා 16 සතුව ග්‍රාහකයින් මිලියන 35කට වඩා සිටි බවත්, නැරඹුම් වාර ප්‍රමාණය බිලියන 4.7කට ආසන්න බවත්, මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.එමෙන්ම ඔවුන්ගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 10කට ආසන්න වූ බව වාර්තා වෙනවා.බොහෝ පරිශීලකයින් චෝදනා කළේ මෙම AI අන්තර්ගතයන් නිසා සැබෑ නිර්මාණකරුවන්ට ලැබිය යුතු අවධානය අඩුවන බවයි. ගුණාත්මකභාවයෙන් තොර AI අන්තර්ගතයන් සීමා කිරීමටත්, සැබෑ නිර්මාණකරුවන්ට අවස්ථාව ලබා දීමටත් යූටියුබ් ආයතනය දැඩි උත්සාහයක නිරත වන බව මෙයින් පැහැදිලි වෙනවා.මෙම නාලිකා ඉවත් කිරීම සඳහා යූටියුබ් ආයතනය නව පද්ධතියක් භාවිතා කර නොමැති අතර, ස්පෑම් (Spam) සහ නොමගයවන සුළු දේවල් (Clickbait) නැවැත්වීමට දැනට පවතින මෙවලම්ම භාවිතා කර ඇති බවටයි වාර්තා වෙන්නේ. මෙම නාලිකා බොහොමයක් ස්වයංක්‍රීය නිෂ්පාදන ක්‍රම සහ ව්‍යාජ ක්‍රම මගින් නැරඹුම් වාර ලබා ගැනීමට කටයුතු කර ඇති බව සඳහන්.

තවදුරටත් කියවන්න
මිනිස් මවකගේ තුරුලේ වැඩී වනගත වූ ග්‍රීන්

මිනිස් මවකගේ තුරුලේ වැඩී වනගත වූ ග්‍රීන්

නිරිතදිග චීනයේ තණබිම්වල මියයමින් සිටි වෘක පැටවෙකු බේරාගෙන හදාවඩාත්, චීන වනජීවී කලාකාරිනියක වන ලී වෙයීයි සහ ඇගේ වෘක පුත්‍රයාගේ වනගත ගමන ඇතුළත් Retu to the Wolves වාර්තා චිත්‍රපටය, මෑතකදී නැවතත් මහත් අවධානය දිනාගනිමින් චීන සමාජ මාධ්‍ය ජාල තුළ බිලියන 2.8ක නරඹන්නන් පිරිසක් ආකර්ෂණය කර ගැනීමට සමත්ව තිබෙනවා.2017 වසරේ නිකුත් වූ මෙම සිනමාපටයට පාදක වූ ලී වෙයීයිගේ සහ ග්‍රීන් නමැති වෘකයාගේ සත්‍ය කතාව ආරම්භ වූයේ මීට දශකයකටත් ඉහත කාලයකදීයි.2010 අප්‍රේල් මාසයේදී සිචුවාන් ප්‍රාන්තයේ සොයිජ් ප්‍රෙයිරී හි සිතුවම් අඳිමින් සිටියදී ලී හට දින පහක් වයසැති මෙම වෘක පැටවා හමු වී තිබුණා. මිනිසුන් විසින් උගේ දෙමාපියන් මරා දමා තිබූ අතර, පැටවා ගල් කුහරයක් තුළ සැඟවී සිටියා. හාත්පස පැතිරුණු තණබිම්වල වර්ණය සහ ග්‍රිම් සහෝදරයන්ගේ කතා සිහිපත් කරමින් ලී මෙම පැටවාට ‘ග්‍රීන්’ (කොළ පැහැය) ලෙස නම් තැබුවා. එම ප්‍රදේශයේ සත්ත්ව සත්කාර පහසුකම් අවම වීම නිසා ලී විසින් ග්‍රීන්ව චෙන්ග්ඩු හි පිහිටි ඇගේ නිවසට රැගෙන ආවා. ඇය සහ ඇගේ එවකට පෙම්වතා වූ ඡායාරූප ශිල්පී යී ෆෙන්ග් විසින් මෙම පැටවාව තමන්ගේම පුතෙකු මෙන් ඇති දැඩි කළ අතර ග්‍රීන්ගේ මිතුරා වූයේ නිවසේ සිටි පොමරේනියන් වර්ගයේ සුනඛයායි.රූපවාහිනියෙන් ඇසෙන වෘක හඬවල් අනුකරණය කිරීමටත්, විදුලි රැහැන් හැපීමටත්, පොකුණකින් මසුන් ඇල්ලීමටත් ග්‍රීන් හුරුවුණා. ග්‍රීන් වැඩෙත්ම උගේ දත් මුවහත් වූ අතර, ආහාර ආරක්ෂා කිරීමටත් රාත්‍රී කාලයේ උඩුබුරුලෑමටත් පටන් ගත්තා.ග්‍රීන්ව සත්වෝද්‍යානයකට භාර දෙන ලෙස මිතුරන් පැවසුවද, සිරකර තැබූ වෘකයන් දැකීමෙන් පසු ලී එම අදහස ප්‍රතික්ෂේප කළා. "ග්‍රීන්ගේ නිදහස සහ අභිමානය ජීවිතයටත් වඩා වටිනවා" යැයි ඇය පැවසුවා. වෘකයන්ගේ හැසිරීම් පිළිබඳව පර්යේෂණ කිරීමෙන් පසු, 2010 ජූලි මාසයේදී ලී සිය නිවස විකුණා ග්‍රීන්ව නැවත වනගත කිරීමට සොයිජ් ප්‍රේයිරී වෙත රැගෙන ගියා. එහිදී ටිබෙට් ජාතික මිතුරෙකු සමඟ සිටියදී ග්‍රීන් දඩයම් කිරීමට ඉගෙන ගත් අතර, බල්ලන් මෙන් බිරීමටද හුරු වුණා. අභියෝග රැසකට පසු 2011 වසරේදී ග්‍රීන් හට නව වෘක රංචුවක් හමු වී තිබුණා.වෙන්වන මොහොතේ ලී කඳුළු පිරුණු දෑසින්, "යන්න මගේ පුතේ, බය වෙන්න එපා. මම ඔබ යන දිහා බලාගෙන ඉන්නවා. ඔබ සොබාදහමේ දරුවෙක්" යැයි පැවසුවේ තම කුසෙන් වැදූ දරුවකු වෙන්ව යන තරම් වේදනාවකින්. මාස නවයක් වයසැති ග්‍රීන් සිය මිනිස් මවගෙන් සමුගෙන වනගත වූ අතර ග්‍රීන් මිනිසුන් යටතේ හැදී වැඩී සාර්ථකව වනගත වූ ලොව පළමු වෘකයා බවට පත් වුණා.චීනයේ වෘක ගහනය පරිසර වෙනස්වීම් සහ දඩයම් කිරීම නිසා සීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා. 2011 වන විට සොයිජ් ප්‍රදේශයේ ඉතිරිව සිටියේ වෘකයන් 100ක් පමණයි. 2013 දී ලී සහ යී නැවත පැමිණි විට ග්‍රීන්ගේ පැටවුන් තිදෙනෙකු මියගොස් හෝ අතුරුදහන් වී ඇති බව දැනගන්නට ලැබුණා. කෙසේ වෙතත්, වෘක රංචුවේ නායකයා වී සිටි ග්‍රීන් දුර සිට ලී දෙස බොහෝ වේලාවක් බලා සිටි බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.2020 දී සිචුවාන් රජය පළමු වෘක ආරක්ෂණ මධ්‍යස්ථානය පිහිටුවූ අතර, 2021 දී වෘකයන් ආරක්ෂිත සත්ව විශේෂයක් ලෙස ප්‍රකාශයට පත් කළා. දැන් වෘකයන් දඩයම් කරන්නන්ට වසර 10ක් දක්වා සිරදඬුවම් නියම කළ හැකියි. දැනට එම රක්ෂිතයේ වෘකයන් 115ක් පමණ සිටින බව පැවසෙනවා. ග්‍රීන් අවසන් වරට දැක ඇත්තේ 2020 වසරේදී වන අතර, එවිට උගේ වයස අවුරුදු 10ක්. වෘකයෙකු සාමාන්‍යයෙන් අවුරුදු 12 සිට 16 දක්වා ජීවත් වනවා."දැන් මේ තණබිම්වල සිටින සෑම වෘකයෙක්ම ග්‍රීන් ලෙස හඳුන්වනවා" යැයි යී ෆෙන්ග් පවසනවා. සිය ජීවිතය වනජීවී ආරක්ෂාව වෙනුවෙන් කැප කළ ලී වේයී මෑතකදී පවසා ඇත්තේ ඇය කළ හැකි සෑම දෙයක්ම කර ඇති බැවින් දැන් නිහඬව සිටින බවයි. ග්‍රීන් හිම මත සිනාසෙමින් දුවන ඡායාරූපයකට ඇය සිය ප්‍රසාදය පළ කර වැඩි යමක් නොකීවද ඇයගේ දෑසින් ග්‍රීන්ගේ ඈත්වීමේ වේදනාව දැකගත හැකි වුණා.  

තවදුරටත් කියවන්න
මේගන්ගේ ජෑම් බෝතල් නොමිලේ බෙදයි

මේගන්ගේ ජෑම් බෝතල් නොමිලේ බෙදයි

ලොස් ඇන්ජලීස් හි පිහිටි නෙට්ෆ්ලික්ස් (Netflix) ප්‍රධාන මූලස්ථානයේ සේවකයින්ට මේගන් මාර්කල්ගේ 'As Ever' සන්නාමයේ නිෂ්පාදන නොමිලේ ලැබෙන බව විදෙස් වාර්තා පවසනවා.එහි ගබඩා කාමර දෙකක් ජෑම් බෝතල්, ඉටිපන්දම්, වයින් සහ මේගන්ගේ ප්‍රසිද්ධ මල් පෙති ඉසින උපාංග වැනි නිෂ්පාදනවලින් පිරී පවතින බවයි මූලාශ්‍ර පවසා ඇත්තේ. එක් සේවකයෙකු නිෂ්පාදන 10 ක් පමණ නොමිලේ රැගෙන ගොස් ඇති බවද පැවසෙනවා. මෙම නිෂ්පාදන හොලිවුඩ් හි පිහිටි නෙට්ෆ්ලික්ස් මූලස්ථානයේ අයිකන් ටවර් සහ එපික් ගොඩනැගිලිවල ගබඩා කර තිබෙනවා.එහි අධික තොගයක් පවතින බව තවත් මූලාශ්‍රයක් තහවුරු කළද, මේ පිළිබඳව නෙට්ෆ්ලික්ස් හෝ මේගන්ගේ පාර්ශවයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැහැ.කෙසේ වෙතත්, ඇතැම් මූලාශ්‍ර පවසන්නේ නිෂ්පාදන තොග මීට පෙර වෙනත් ගබඩාවකට ගෙන ගිය බවත්, දැනට නෙට්ෆ්ලික්ස් මූලස්ථානයේ ඇත්තේ තෑගි ලෙස දීමට සහ ප්‍රවර්ධන කටයුතු සඳහා තබා ගත් දේවල් බවයි.පසුගිය මාසයේ වෙබ් අඩවියක ඇති වූ දෝෂයක් හේතුවෙන් අලෙවි නොවූ නිෂ්පාදන 650,000 ක් පමණ ඇති බව හෙළි වුණා.මේගන්ගේ පාර්ශවය එමගින් ව්‍යාපාරය අර්බුදයක ඇති බව පැවසෙන වාර්තා ප්‍රතික්ෂේප කරනවා.එම දත්ත වලට අනුව ජෑම් බෝතල් 220,000 ක්, මී පැණි බෝතල් 30,000 ක්, ඉටිපන්දම් 90,000 ක්, මල් ඉසින ටින් 80,000 ක් සහ වයින් බෝතල් 70,000 ක් ගබඩාවල පවතිනවා. මෙම නිෂ්පාදනවල මිල ගණන් වන්නේ ජෑම් බෝතලයක් අමෙරිකානු ඩොලර් 14 ක්, තේ පෙට්ටියක් ඩොලර් 14 ක්, මී පැණි බෝතලයක් ඩොලර් 32 ක් සහ ඉටිපන්දමක් ඩොලර් 64 ක් වශයෙන්.Rosé වයින් බෝතලයක් ඩොලර් 35 ක් වන අතර Brut වයින් බෝතලයක් ඩොලර් 89 ක්. ඇයගේ වැලන්ටයින් දින පැකේජයක් ඩොලර් 185 කට අලෙවි කෙරෙනවා.රෙඩිට් පරිශීලකයින් පවසන්නේ වෙබ් අඩවියේ භාණ්ඩ විශාල ප්‍රමාණයක් සාප්පු සවාරි කරත්තයට එකතු කිරීමෙන් පවතින උපරිම තොග ගණන සොයාගත හැකි වූ බවයි. නමුත් ව්‍යාපාරික ආරංචි මාර්ග පවසන්නේ මෙය ව්‍යාපාරයේ පසුබෑමක් නොව ජාත්‍යන්තර ව්‍යාප්තිය සඳහා සූදානම් වීමක් බවයි.44 හැවිරිදි මේගන්, ඇයගේ 'American Riviera Orchard' නාමය පිළිබඳ වෙළඳ ලකුණු ගැටලුවකින් පසු මෙම නිෂ්පාදන සඳහා නෙට්ෆ්ලික්ස් සමඟ එක් වී තිබුණා. ඇයගේ 'With Love, Meghan' රූපවාහිනී වැඩසටහන හරහා මෙම භාණ්ඩ ප්‍රවර්ධනය කළද, ප්‍රමාණවත් තරම් නරඹන්නන් නොමැති වීම නිසා එහි තුන්වන අදියරක් (3rd season) නිර්මාණය නොවන බවයි වාර්තාවල දැක්වෙන්නේ.දෙවන අදියර වසරේ අවසන් මාස හතර තුළ නරඹා ඇත්තේ මිලියන 2 ක් පමණක් වන අතර එය නෙට්ෆ්ලික්ස් හි වැඩසටහන් ලැයිස්තුවේ 1,217 වන ස්ථානයට පත්ව තිබෙනවා. එහි උත්සව සමයේ විශේෂ වැඩසටහන මිලියන 2.4 ක පිරිසක් නරඹා තිබුණා.මේගන් සහ හැරී කුමරුගේ නෙට්ෆ්ලික්ස් සමඟ වූ සුවිශේෂී ගිවිසුම අලුත් නොවුණත්, ඔවුන්ට තවමත් ප්‍රමුඛතා ගිවිසුමක් පවතිනවා. මේගන් දැන් ඇයගේ ජීවන රටා සන්නාමය ගොඩනැගීමට සැලසුම් කරන බව සඳහන්. පසුගිය අගෝස්තු මාසයේදී ඇය පැවසුවේ ඇයගේ පළමු වයින් වර්ගය පැයක් ඇතුළත විකිණී අවසන් වූ බවයි. ආරම්භයේදී දහස් ගණනක ඇණවුම් තිබූ තම ව්‍යාපාරය, මාස කිහිපයක් ඇතුළත මිලියනයක ඇණවුම් දක්වා වර්ධනය වූ බවත්, ඇයගේ අරමුණ මෙම ව්‍යාපාරය ලොව පුරා ව්‍යාප්ත කිරීම බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

තවදුරටත් කියවන්න
ග්‍රැමී සම්මාන උළෙල මෙහෙය වූ නෝවාට ට්‍රම්ප්ගෙන් සැර තරවටුවක්

ග්‍රැමී සම්මාන උළෙල මෙහෙය වූ නෝවාට ට්‍රම්ප්ගෙන් සැර තරවටුවක්

මෙවර ග්‍රැමී සම්මාන උළෙල මෙහෙයවූ සුප්‍රකට විකට නළුවෙකු වන ට්‍රෙවර් නෝවා (Trevor Noah) , ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් පිළිබඳව සිදුකළ හාස්‍යජනක ප්‍රකාශයක් හේතුවෙන් ජනාධිපතිවරයා සිය දැඩි කෝපය පළ කර තිබෙනවා. බිලී අයිලිෂ් (Billie Eilish) වසරේ හොඳම ගීතය සඳහා සම්මානය දිනා ගැනීමෙන් අනතුරුව, ට්‍රෙවර් නෝවා සභාව අමතමින් මෙසේ පවසා සිටියා. "සෑම කලාකරුවෙකුටම මේ සම්මානය අවශ්‍යයි. හරියට ට්‍රම්ප්ට ග්‍රීන්ලන්තය (Greenland) අවශ්‍යයි වගේ. ඒකෙ තේරුමක් තියෙනවා... මොකද එප්ස්ටයින්ගේ දූපත දැන් නැති නිසා, බිල් ක්ලින්ටන් එක්ක කාලය ගත කරන්න ට්‍රම්ප්ට දැන් අලුත් දූපතක් ඕනේ."මෙම ප්‍රකාශය හරහා ට්‍රෙවර් නෝවා ඉඟි කළේ මතභේදාත්මක චරිතයක් වූ ජෙෆ්රි එප්ස්ටයින්ගේ (Jeffrey Epstein) පුද්ගලික දූපතට ට්‍රම්ප් සහ ක්ලින්ටන් ගිය බවයි.මෙම ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසු ජනාධිපති ට්‍රම්ප් සිය Truth Social ගිණුම හරහා ට්‍රෙවර් නෝවාට සහ ග්‍රැමී උළෙල සම්බන්ධයෙන් අදහස් පළකර සිටියා. "ග්‍රැමී සම්මාන උළෙල ඉතාමත් නරකයි, එය නැරඹිය නොහැකි මට්ටමක පවතිනවා," යැයි ජනපතිවරයා මෙහිදී පවසා සිටියා. "නෝවා වැරදි තොරතුරක් කිව්වා. මම කවදාවත් එප්ස්ටයින් දූපතට ගිහින් නැහැ. අඩුම තරමේ ඒ අසලකටවත් ගිහින් නැහැ. අද රෑ මේ කරන ලද අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශය වෙනකම් කිසිම කෙනෙක් මට එවැනි චෝදනාවක් කරලා නැහැ," යනුවෙන් ට්‍රම්ප් පවසා සිටියා,එමෙන්ම "නෝවා කියන්නේ කිසිම දක්ෂතාවයක් නැති පරාජිතයෙක්. මම මගේ නීතිඥයන් මාර්ගයෙන් මොහුට එරෙහිව නඩු පවරනවා," යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා. ට්‍රෙවර් නෝවා මෙවර ග්‍රැමී උළෙල මෙහෙයවනු ලැබුවේ හයවැනි සහ අවසන් වරටයි. මෙම සිදුවීමත් සමඟ අමෙරිකානු දේශපාලන සහ විනෝදාස්වාද ක්ෂේත්‍රය තුළ දැඩි උණුසුම්කාරී තත්වයක් නිර්මාණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තවදුරටත් කියවන්න
ග්‍රැමී ඉතිහාසය අලුත් කළ ඒමී ඇලන් : වසරේ ගීත රචකයා සම්මානය දිනූ ප්‍රථම කාන්තාව බවට පත්වෙයි

ග්‍රැමී ඉතිහාසය අලුත් කළ ඒමී ඇලන් : වසරේ ගීත රචකයා සම්මානය දිනූ ප්‍රථම කාන්තාව බවට පත්වෙයි

ග්‍රැමී සම්මාන ඉතිහාසයේ ‘වසරේ ගීත රචකයා’ (Songwriter of the Year, Non-Classical) සම්මානය දිනාගත් ප්‍රථම කාන්තාව බවට පත්වෙමින් ඒමී ඇලන් ඓතිහාසික වාර්තාවක් පිහිටුවා තිබෙනවා.සම්මානය පිළිගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ ඇය, "කුඩා කල සිටම ගීත ලිවීමට පටන් ගත් මා තුළ සිටින දරුවා මේ මොහොතේ සතුටින් කෑගසමින් හා හඬමින් සිටිනවා" යැයි පවසමින් සිය සතුට ප්‍රකාශ කරනු ලැබුවා. ගීත රචකයන් යනු සමස්ත සංගීත කර්මාන්තයම ඉදිරියට ගෙනයන එන්ජිම බවත්, ගීත රචකයන් නොමැතිව ගීත නිර්මාණය විය නොහැකි බවත් ඇය එහිදී අවධාරණය කළා.සුගිය කාලසීමාව තුළ ජාත්‍යන්තර වශයෙන් අතිශය ජනප්‍රිය වූ සබ්‍රිනා කාපෙන්ටර්ගේ "Please Please Please" සහ "Espresso" යන ගීත මෙන්ම ඔලිවියා රොඩ්රිගෝ, ජස්ටින් ටිම්බර්ලේක් සහ ටේට් මැක්රේ වැනි ප්‍රබල ශිල්පීන්ගේ නිර්මාණ සඳහා ඇය දායක වී තිබෙනවා.ය මීට පෙර හැරී ස්ටයිල්ස්ගේ ‘Harry's House’ ඇල්බමය වෙනුවෙන් ද ග්‍රැමී සම්මානයක් දිනාගෙන ඇති අතර, මෙම සම්මාන කාණ්ඩය ආරම්භ කර වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ, රේ (RAYE) වැනි ප්‍රබල කාන්තා ශිල්පිනියන් සහ එඩ්ගර් බැරේරා වැනි දක්ෂ රචකයන් අභිබවා ඇය මෙම ජයග්‍රහණය වාර්තා කිරීම විශේෂත්වයක්.

තවදුරටත් කියවන්න
කෙලානි ග්‍රැමී වේදිකාව ජයගනී:

කෙලානි ග්‍රැමී වේදිකාව ජයගනී: "Folded" ගීතයට සම්මාන ද්විත්වයක්

ප්‍රකට ගායන ශිල්පිනී කෙලානි (Kehlani), 2026 ග්‍රැමී සම්මාන උළෙලේදී සිය ප්‍රථම ග්‍රැමී සම්මානය දිනා ගැනීමට සමත් වූවා.ඇය මෙවර "Folded" ගීතය වෙනුවෙන් සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමද විශේෂත්වයක්.කෙලානි විසින් මෙම සම්මානය දිනාගනු ලැබුවේ 'හොඳම R&B ගායනය' (Best R&B Performance) සහ 'හොඳම R&B ගීතය' (Best R&B Song) යන කාණ්ඩ දෙක යටතේයි.එහිදී ඇය ක්‍රිස් බ්‍රවුන්, ජස්ටින් බීබර් සහ සමර් වෝකර් වැනි ප්‍රබල ශිල්පීන් අභිබවා මෙම ජයග්‍රහණ වාර්තා කරනු ලැබුවා.සම්මානය පිළිගැනීමෙන් අනතුරුව සංවේදී අදහස් දැක්වීමක් කළ කෙලානි, තමා මීට පෙර කිසිදු සම්මානයක් දිනා නොතිබූ බවත් මෙය ඉතාමත් සුවිශේෂී හැඟීමක් බවත් ප්‍රකාශ කළා."මගේ පළමු ග්‍රැමී නිර්දේශය ලැබුණේ මීට වසර 10කට පෙරයි. මෙය දිගු ගමනක්," යනුවෙන් ඇය සඳහන් කළා.

තවදුරටත් කියවන්න
Hiru TV News | Programmes
////////////////////////////////////////////////ON 2025-10-9 valible milan closed ///////////////////////////////////////